Thursday, April 25, 2024

General line - 0115112241

ගෝඨාභයට චීනයේ සමුළුවකට යන්න අවසර




ඇවන්ගාර්ඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගතවීම සඳහා අධිකරණය අද (03) අවසර ලබා දුන්නා.

ඒ අනුව කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ මේ මස 05 වන දා සිට 30 වන දා දක්වා වූ කාල සීමාව තුළ විදෙස් ගතවීම සඳහා අවසර ලබාදෙන බවයි. ‍

අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥවරුන් කියා සිටියේ චීනයේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවකට සහභාගී වීම සඳහා තම සේවා දායකයාට ආරාධනා ලැබී ඇති බවයි.

ඒ අනුව ඔහුට චීනය බලා පිටත් යාමට ගුවන් ගමන් බලපත‍්‍රය මුදා හරින ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

අල්ලස් කොමිසම ද අදාළ ඉල්ලීමට විරෝධයක් දැක්වූයේ නැහැ. එම නිසා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය අදාළ නියෝගය නිකුත් කළා.