Wednesday, April 24, 2024

General line - 0115112241

විහාර හා දේවාලගම් පනත් කෙටුම්පත ගැන පක්ෂ නායක රැස්වීමක්




ආන්දෝලනයට තුඩු දී ඇති විහාර හා දේවාලගම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් දැන් පැවැත්වෙනවා. ඒ, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම රැස්වීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් ද සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.

සංශෝධිත විහාර හා දේවාලගම් පනත් කෙටුම්පත මෙම සතියේ දී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර කොළඹ ඉකුත් දා පැවැත් වූ මාධ්‍ය හමුවක දී ශ්‍යාමෝපාලි මහා නිකායේ ශී‍්‍ර රෝහණ මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ප‍්‍රකාශ කළේ යෝජිත විහාර දේවාලගම් පනත් කෙටුම්පත හරහා මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවට විහාරාධිපති හිමිනමක් පත් කිරීමේ සූදානමක් පවතින බවයි.

කෙසේ වෙතත් අලවතුගොඩ ප‍්‍රදේශයේ පැවති ආගමික රැස්වීමකට එක්වෙමින් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ බුද්ධ ශාසනයට හානි වන ආකාරයට කිසිදු අණ පනතක් සංශෝධනය නොකරන බවයි.

මේ අතර පසුගිය දා මල්වතු පාර්ශයේ මහනායක ස්වාමීන් වහන්සේ ද සඳහන් කළේ ගැටළු ඇති වන්නේ විහාර දේවාලගම් පනත වෙනස් නොකළ යුතු බවයි.