Saturday, April 20, 2024

General line - 0115112241

තාජුඩීන්ගේ අස්ථි කොටස් සොයා රහස් පොලිසිය ‘SAITM’ යයි




රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ පළමු මරණ පරික්ෂණය අතරතුර මෘත ශරිරයේ කොටස් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රසායනාගාරය පරික්ෂා කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් එහි පැමිණ තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (03) ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුවයි.

අදාළ නිලධාරීන් සමග වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක්ද පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

තාජුඩීන්ගේ දේහය පිළිබද පළමු මරණ පරීක්‍ෂණය සිදුකරනු ලැබ ඇත්තේ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර විසින්. ඔහු මේ වනවිට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද කටයුතු කරනවා.

තාජුඩින්ගේ සිරුරෙන් අස්ථානගත වු කොටස් වෛද්‍ය විද්‍යාලයේ රසායනාගාරයට ගෙන ගොස් ඇති බවටද වාර්තා පළ වුණා.