Friday, April 19, 2024

General line - 0115112241

අරණායක ගම් රැසක් යළිත් බියෙන්




අරණායක සාමසර කන්ද නාය යෑමෙන් පීඩාවට පත් වූ ජනතාව යළිත් බියට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ඉදිරියේ වැසි සහිත කාලයක් එළඹෙන බැවින් යළිත් කුමක් හෝ සිදු වේ යැයි තමන් දැඩි බියකින් පසුවෙන බවයි ඔවුන් පවසන්නේ.

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් ඇති වූ දැවැන්ත ව්‍යවසනයට මේ වන විට මාස කිහිපයක් ගත වී ඇතත් තමන්ට ලැබිය යුතු විසදුම් හා පිළියම් තවමත් ඉබි ගමනින් සිදුවෙන බවත් ඔවුන් පැවසුවා.

එම ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අරමුණින් අරණායක කලාපයේ ගම්මාන රැසක ජනතාව ඊයේ (02) නව සංවිධානයක්ද බිහි කරනු ලැබුවා.

මෙ සඳහා නායයෑම් හේතුවෙන් සහ අවදානම් කලාපවලින් ඉවත් කරනු ලැබූ පිරිස් එක්ව සිටිනවා. අරණායක කලාපයේ අම්බලකන්ද, එළගිපිටිය ජනපදය, එළගිපිටිය ගම, තොංගමලේ, ගල්බොක්ක, ගැටබේරිකන්ද, ජම්බුගස්මඩ, දෙබත්ගම, උඩභාගය, පල්ලේභාගය, දෙයියන්වෙල, නාරංගල, රහල, සැලව, හත්ගම්පොල, ගංතුන, උඩගම යන ගම්මානවල ජනතාව එක්ව සිටියා.

රජය විසින් මාධ්‍යයට අදහස් දක්වන්නට  එපා යැයි කියමින් යම් යම් දෑ ලබාදෙන බව පැවසුවත් තවමත්  ජනතාව කුඩාරම් තුළ කොටු කර ඇති බවයි ඔවුන් වැඩි දුරටත් පැවසුවේ. මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා ජල අර්බුදයකින්ද  සිය ජනතාවට පීඩා විඳින්නට සිදුව ඇති බවත් පැවසුවා.