Saturday, April 20, 2024

General line - 0115112241

අගමැතිගේ මූල්‍ය සැළසුම්වලට නවසීලන්තයේ සහය




රටේ ආර්ථිකය හැසිරවීම සහ ණය බරින් නිදහස්වීම යන අංශ දෙක කෙරෙහිම සැලකිල්ලෙන් කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

පසුගිය වසර 10 ක පමණ කාලය තුළ ලබාගෙන ඇති අධික ණය බර හමුවේ ජනතාවට පීඩාවක් නොවන අයුරින් එම පියවර අනුගමනය කරන බවයි අග‍්‍රාමාත්‍යරවයා පැවසුවේ.

ඒ, නවසීලන්ත මුදල් අමාත්‍ය බිල් ඉංග්ලිෂ් අද (03) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීයි. එහිදී ශී‍්‍ර ලංකාව මුහුණ දෙමින් පවතින ආර්ථික හා මූල්‍ය අභියෝගයන් පිළිබදවද කරුණු සාකච්ඡා කෙරුණා.

නව ලෝකයේ ප්‍රවණතාවන්ට අනුකූලව ශ්‍රී ලංකාව සිදු කිරීමට අපේක්‍ෂා කරන මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා තම රටේ විශේෂඥයන්ගේ දැනුම ලබා දීමට සූදානම් බව මෙහිදී නවසීලන්ත මුදල් අමාත්‍ය බිල් ඉංග්ලිෂ් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව නව ආයෝජන රැල්ලක් ඇති කරලීමේ අපේක්‍ෂාව ඇතිව සකස් කර ඇති සැලසුම ප්‍රශංසාවට ලක් කළ බිල් ඉංග්ලිෂ් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය වර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් සහයෝගය ලබා දීමටද කැමැත්ත පළ කර තිබෙනවා.

මේ අතර ශී‍්‍ර ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තය නවීකරණය කිරීමට සිය අත්දැකීම්, දැනුම සහ සහයෝගය ලබාදීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ දූත පිරිස අද පෙරවරුවේ වෙලින්ටන් නුවර ආණ්ඩුකාරවරියගේ නිවසේ පැවති හමුවකදී මෙම කරුණු අනාවරණ වුණා.

එහිදී ආණ්ඩුකාරවරිය ප‍්‍රකාශ කර ඇත්තේ ජාතික චිත‍්‍රපට සංවර්ධන මණ්ඩලයක් ස්ථාපිත කිරීම සදහාද නවසීලන්තයේ උපරිම දායකත්වය ලබාදෙන බවයි.

14481837_853856331380541_393438141480781427_o14516511_853863911379783_867674490111995486_n