Saturday, April 20, 2024

General line - 0115112241

ජනතාව සාම ගිවිසුම එපා කියයි (VIDEO)




ෆාර්ක් ගරිල්ලා සංවිධානය සහ කොළොම්බියානු රජය අතර ඉකුත්දා අත්සන් කළ ඓතිහාසික සාම ගිවිසුමට එරට ජනතාව සිය විරෝධය පළ කර තිබෙනවා.

ඒ, අදාළ සාම ගිවිසුම අනුමත කළ යුතුද? නැද්ද යන්න තීරණය කිරීම සදහා පැවති ජනමත විචාරණයේදීයි.

එහිදී සාම ගිවිසුම ප‍්‍රතික්‍ෂේප කරමින් සියයට 50.24 ක පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කළා.

ප‍්‍රතිඵලය කුමක් වුවත් යළි සටන් නොකරන බවයි කොළොම්බියානු රජය මෙන්ම ෆාර්ක් ගරිල්ලා සංවිධානයද ප‍්‍රකාශ කර ඇත්තේ. අඩ සියවසක කාලයක් පුරා පැවති දෙපාර්ශ්වයේ ගැටුම්වලින් ලක්‍ෂ 2 කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් වුණා.

_91498056_babf986c-07d3-47c7-b363-a7f9845d2164 _91498058_7d0ea8ec-1898-422a-97aa-8122fc25b2a8 _91498060_1c1bfe43-31aa-42d3-9037-59df46d09e6d _91498062_c8ec3f7f-8753-4905-8f03-f26370fd0f6b _91498257_ee0a4e5d-b0c6-4fd3-bce8-2c34449eb3d1