Thursday, March 28, 2024

General line - 0115112241

නව තාක්ෂණයෙන් අනතුරු සහ අපරාධ අවම කරන්න යයි




අනතුරක් හෝ අපරාධයක් සිදු වූ විට තමන්ගේ ජංගම දුරකථනයෙන් ඉදිරිපත් කරන පැමිණිලි ඔස්සේ අනතුරේ හෝ අපරාධයේ ස්වභාවය පිළිබඳව සියලු දත්ත ලබාගත හැකි නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබදව අධ්‍යනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම හා ජනතාවට සමීප සේවාවක් බවට පත්කරලීම මෙහිදී අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක වෙලිංටන් නුවර පිහිටි පොලිස් අණදෙන මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා.

මෙම නව තාක්ෂණ ක්‍රමවේදය භාවිතා කිරීම මගින් අපරාධ සහ අනතුරු අවම කර ගැනීමට හැකි වී තිබෙන බව පෙන්වා දී ඇති එරට පොලිස් මූලස්ථානයේ ප්‍රධානීන්, මෙම ක්‍රමවේදයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානයට කිසිවෙකු පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සඳහන් කර තිබෙනවා.

img_9710 img_9722 img_9773 img_9819