Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාව, කි‍්‍රකට් පිටියේ පාකිස්තානයේ තැන නැති කරයි




ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ඉන්දියාව සමත්වී තිබෙනවා.

ඉන්දියාව මෙම කඩඉම පසු කළේ මෙතෙක් අංක එකේ ස්ථානයේ සිටි පාකිස්තානය දෙවන ස්ථානයට ඇද දමමින්.

සංචාරක නවසීලන්තය සමග ඊයේ (03) පැවති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජයගැනීමත් සමගයි ඉන්දියාව ප‍්‍රථම ස්ථානයට පැමිණියේ.

ඔවුන් ඊයේ ලැබූ ජයග‍්‍රහණය සිය මව් රටේදී පිට පිට ලැබූ 11 වන ටෙස්ට් කි‍්‍රකට් තරග ජයග‍්‍රහණයවීමද විශේෂත්වයක්.

ඕස්ටේ‍්‍රලියාව, නවතම ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 3 වන ස්ථානයේ පසුවනවා. ශී‍්‍ර ලංකාවට එහි හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.