Thursday, April 25, 2024

General line - 0115112241

දරුවෙකු නිසා ඉන්දු – පාකිස්තාන දේශ සීමාව උණුසුම්වෙයි




ඉන්දීය දේශ සීමාවට පැමිණි පාකිස්තානයේ 12 හැවිරිදි දරුවෙකු හේතුවෙන් දේශසීමා කලාපය ආශි‍්‍රතව යළි කතාබහක් මතුව තිබෙනවා.

මෙම දරුවා ඉන්දීය ආරක්‍ෂක අංශ සිය භාරයට ගෙන යළි පාකිස්තානයට හරවා යවා ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ඉන්දීය දේශසීමා ප‍්‍රදේශයට පැමිණ ඇත්තේ ජලය පානය කිරීමේ අරමුණින් බවද එය නොදැනුවත්ව සිදුකළ කි‍්‍රයාවක් බවද පසුව අනාවරණ වී තිබෙනවා.

කාශ්මීරයේ පිහිටි හමුදා කදවුරකට පාකිස්තනයේ සිට පැමිණි ත‍්‍රස්තයින් පිරිසක් ඉකුත්දා ප‍්‍රහාරයක් එල්ල කළා. ඉන් හමුදා සාමාජිකයින් 19 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. එතැන් සිට මේ දක්වා ඉන්දු – පාකිස්තාන දේශසීමා ආශි‍්‍රතව පවතින්නේ උණුසුම් තත්ත්වයක්.

pakistan-child-759