Friday, April 19, 2024

General line - 0115112241

වාද විවාද මැද සංශෝධිත වැට් බදු පනත මැතිසබයට (UPDATE)




එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (04) යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින්. එහෙත් ඊට අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

ඊට මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පිළිතුරු ලබාදුන් අතර බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ යන මන්ත‍්‍රීවරුන් ද එහිදී අදහස් පළ කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)


වැට් සියයට 15 ක් වන පනත අද මැති සබයට

(Oct 4, 2016 @ 11:47 )

සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (04) ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

නව පනත මගින් මෙතෙක් සියයට 11ක පැවති වැට් බද්ද සියයට 15 ක් දක්වා ඉහළ දැමීමටයි යෝජනා කර ඇත්තේ.

මීට පෙරද මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන අයුරින් ඉදිරිපත් කර ඇති බවයි. ඒ, අදාළ පනත් කෙටුම්පතට නිසි පරිදි කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති බව පවසමින්.

ඒ අනුව නැවත වරක් වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඉකුත්දා ඊට අනුමැතිය ලබාගත්තා.

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන්නේ එලෙස අනුමැතිය හිමි වූ පනත් කෙටුම්පතයි.