Friday, April 19, 2024

General line - 0115112241

වතු කම්කරුවන් අටවන දිනටත් සටනේ (PHOTOS)




දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අට වන දිනටත් වතු කම්කරුවන් අද (04) උද්ඝෝෂණයේ නිරත වනවා.

උද්ඝෝෂකයින් අවධාරණය කරන්නේ වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනා කර ඇති නව වැටුප් වැඩිවීමට එකග නොවන බවයි.

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා වැඩි කිරිමට වතු හාම්පුතුන්ගේ සංගමය ඊයේ තීරණය කළා.

කෙසේවෙතත් දෛනික වැටුප වැඩි කිරීමට තවදුරටත් සාකච්ඡා සිදුකරන බවයි ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ නුවරඑළිය දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ ලේකම් පෙරියසාමි ප‍්‍රදිපන් පැවසුවේ.

කෙසේවෙතත් ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජේ්‍යෂ්ඨ උප සභාපති එස් ශක්තිවේල් පැවසුවේ වතු කම්කරු සටන පාවා දී ඇති බවයි.

වතු හාම්පුතුන්ගේ සංගමයේ ඉල්ලීමට විරෝධය පළ කරමින් මේ වනවිටද වතු කම්කරුවන් උද්ඝෝෂණයේ නිරත වනවා.

එක් උද්ඝෝෂණයක් අද උදෑසන ආරම්භ වුණේ නල්ලතන්නිය – මස්කෙළිය ප‍්‍රධාන මාර්ගයේ මුල්ගම මංසන්ධියේයි.

මීට අමතරව හාලිඇල ප‍්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බදුල්ල – කොළඹ මාර්ගයේ ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල වුණා.

protest-www-nethnews-lk00001 protest-www-nethnews-lk00002 protest-www-nethnews-lk00003 protest-www-nethnews-lk00004 protest-www-nethnews-lk00005