Friday, April 26, 2024

General line - 0115112241

ඉතිහාසයේ පළමු වරට රෝස පන්දුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතට




රෝස පැහැති පන්දුවක් යොදා ගනිමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ පැවැත්වෙන පළමු තරගය අද (04) උදෑසන ආරම්භ වුණා.

මෙම පළමු අත්දැකීමට මුහුණ දෙන්නේ ශී‍්‍ර ලංකා ඒ කි‍්‍රකට් කණ්ඩායමයි. ඒ, කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ වූ බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායමට එරෙහි සිව්දින තරගයේදියි.

සිව් දින හෝ ටෙස්ට් තරග සදහා හෝ ශී‍්‍ර ලංකාවේදී මෙතෙක් භාවිතා කළේ රතු පැහැති පන්දුවයි. තරග සඳහා රෝස පැහැති පන්දුවක් යොදා ගැනීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කළේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව ජනපි‍්‍රය කිරීමේ අරමුණින්.

මේ අතර ශී‍්‍ර ලංකා ඒ කි‍්‍රකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 2 ක් දැවී ලකුණු 56 ක් රැස් කර ගෙන සිටියා.

pink-ball