Thursday, March 28, 2024

General line - 0115112241

සුසන්තිකාගෙන් දකුණු පළාතට සද්දයක් (VIDEO)




මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාව පසුගියදා අලුත් කළ දකුණු පළාත නියෝජනය කරන නිමාලි ලියනාරච්චි කී‍්‍රඩිකාවගේ නව ජාතික වාර්තාව නිල නොවන එකක් බව ප‍්‍රකාශ කරමින් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ඉතා අශෝභන ලෙස හැසිරුණු පුවතක් වාර්තා වනවා. එ් පසුගියදා යාපනය දොරේඅප්පා කී‍්‍රඩාංගණයේදී අවසන් වූ 42 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල අතරතුරයි.

නිමාලි ලියනාරච්චි මීටර් 800 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 02.03.05 කින් අවසන් කරමින් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඇය විසින් බිද හෙලනු ලැබුවේ මීට වසර 24කට පෙර 1992 දී ධම්මිකා මැණිකේ විසින් පිහිටුවා තිබූ ශී‍්‍ර ලංකා වාර්තාවයි. ධම්මිකා මැණිකේ මීට පෙර මෙම දක්ෂතාව ප‍්‍රදර්ශනය කර තිබුණේ විනාඩි 02.03.85 කින්.

වසර 24කට පසුව වාර්තාව බිද වැටුනු තරගය නිමා වීමෙන් පසුව දොරේඅප්පා කී‍්‍රඩාංගණයේ ප‍්‍රධාන කී‍්‍රඩාගාරයේ සිටි සුසන්තිකා ජයසිංහ අවට සිටි අයට ප‍්‍රකාශ කර තිබුණේ මෙම වාර්තාව කිසිසේත් ශී‍්‍ර ලංකා වාර්තාවක් නොවිය හැකි බවයි. වේග සටහන් නිලධාරීන්ගේ අතෙහි ඇති කාලගණක උපකරණවලින් වේගය ගණනය කිරීමේදී අඩුපාඩුවක් සිදුවී ශී‍්‍ර ලංකාව වාර්තාව බිද වැටීම සිදුවූ බවයි සුසන්තිකා ජයසිංහ එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුණේ. එම තරගය ඉලෙක්ට්‍රොනික කාල ගණන යන්ත‍්‍රයක් හරහා සිදු නොකළ බැවින් වාර්තාව බිද වැටුනු බවට නිල පිළිගැනීමක් ලබාදිය නොහැකි බවයි ඇය ප‍්‍රකාශ කර තිබුණේ.

සුසන්තිකා ජයසිංහගේ මෙම ප‍්‍රකාශයට අවට සිටි සෙසු කී‍්‍රඩා නිලධාරීන්ගේ දැඩි විවේචන එල්ල වුණා. එමෙන්ම බොහෝ පිරිසක් ඇයට දෝෂාරෝපණය කරමින් කියා සිටියේ නවක දක්ෂ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් ධනාත්මක කටයුතු කිරීම වැදගත් බවයි. මෙම නරක පූර්වාදර්ශය අවට සිටි මාධ්‍යවේදීන්ගේද විමතියට හා කනස්සල්ලට හේතුවක් වුණා. සුසන්තිකා ජයසිංහ එවැනි අදහස් පළ කරන අතරතුර නිමාලි ලියනාරච්චි නියෝජනය කරන දකුණු පළාතේ කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ එම ස්ථානයට පැමිණ සුසන්ති ජයසිංහගේ මෙම කි‍්‍රයා කලාපය පිළිබද දැඩි කම්පාවට පත් වන බව අවට සිටි මාධ්‍යවේදීන් සමග කියා සිටියා.

සුසන්තිකා ජයසිංහ ජාතික මට්ටමට පැමිණෙන විට මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ වාර්තාව හිමිව තිබූ ධම්මිකා මැණිකේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩිකාවක්ව සිටියා. ජාතික මට්ටමට පැමිණෙන අවධියේ සුසන්තිකා ජයසිංහ නවක කී‍්‍රඩිකාවට බොහෝ ආධාර උපකාර කළ මිතුරියක් සහ ජ්‍යෙෂ්ඨ ගුරුවරියක් ලෙස ධම්මිකා මැණිකේ හඳුන්වාදිය හැකියි. වසර 24කට පසුව ඇගේ වාර්තාව නවක කී‍්‍රඩිකාවක අතින් බිද වැටෙන විට සුසන්තිකා ජයසිංහ මේ ආකාරයෙන් කාල ගණනය ගැන අනවශ්‍ය ප‍්‍රශ්නයක් මතු කළ බවයි එහි සිටි කීී‍්‍රඩා නිලධාරීන් කියා සිටියේ. කෙසේ වෙතත් මේ වන විට මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ශී‍්‍ර ලංකාව වාර්තාවට හිමිකම් කියන්නේ නිමාලි ලියනාරච්චි කී‍්‍රඩිකාවයි.

(ශ්‍රී ලංකා වාර්තාව තැබූ නිමාලි ලියනආරච්චි මීටර් 800 තරගය නිමකළ ආකාරය පහතින් නරඹන්න )