Thursday, April 25, 2024

General line - 0115112241

පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු මෙන්න (UPDATE)




පහ ශ්‍රේණිය 2016 ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වෙයි.

protest-www-nethnews-lk00001


පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු අද මුදාහැරේ

(Oct 5, 2016 @ 06:55)

පහ ශ්‍රේණිය 2016 ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු බොහෝ විට අද (05) දිනය තුළ නිකුත් කෙරෙනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ සමස්ත ලංකා මට්ටමින් ප‍්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන ලබාගත් සිසු සිසුවියන් පිළිබඳව ද අද විස්තර ලබාදිය හැකි බවයි.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන් ලක්ෂ පනස් දහස් හත්සීය හතළිස් දෙනෙකු පෙනී සිටියා.

ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැරුණේ ඊයේ (04) රාත‍්‍රී 7.30ට පමණයි.

www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් එම ප‍්‍රතිඵල ලබාගත හැකි වනවා.

ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ද අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ සඳහා වූ අභියාචනා විදුහල්පතිවරුන් මගින් ලබන නොවැම්බර් 4 වෙනිදාට පෙර ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ද ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ඇති ගැටලුවලට පැහැදිලි කිරීමක් ලබාගත හැකි වනවා.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵලය දරුවෙකුගේ දක්ෂතාව පිළිබඳ පැහැදිලි නිර්නායකයක් නොවන බව විද්වතුන් පෙන්වා දෙනවා. ඒ නිසා එම විභාගයේ ප‍්‍රතිඵල පාදක කරගනිමින් දරුවන්ට මානසිකව හෝ කායිකව පීඩා නොකරන ලෙසයි ඔවුන් මව්පියන්ගෙන් ඉල්ලා සිිටින්නේ.

මව්පියන් මෙම අවස්ථාවේ කළ යුත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵලය කුමක් වුවත් ඉදිරි විභාග ජයගත හැකි බවත්, ජීවිතයේ ඉලක්ක සපුරාගත හැකි බවත් දරු දැරියන්ට ඒත්තු ගැන්වීම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ සඳහා මව්පියන් දරුවන්ට සමීපව හා කාරුණිකව හැසිරිය යුතු බවයි ප‍්‍රවීණ ආචාර්ය සරත් ආනන්ද වැඩිදුරටත් කියා සිටියේ.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

(Oct 4, 2016 @ 20:22)

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

මේ වන විට එම ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

www.doenets.lk වෙඩ් අඩවිය තුළින් එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ඩයලොග් සහ මොබිටෙල් දුරකතන සේවා හරහාද ප්‍රතිඵල දැනගත හැකියි.

ඩයලොග් දුරකතනයකින් නම් exam ලෙස සඳහන් කර හිස්තැනක් විභාග අංකය සඳහන් කර 7777 ට කෙටි පණිවුඩයක් යැවිය යුතුයි.

මොබිටෙල් දුරකතනයකින් නම් exam ලෙස සඳහන් කර හිස්තැනක් විභාග අංකය සඳහන් කර 8884 ට කෙටි පණිවුඩයක් යැවිය යුතුයි.