Wednesday, April 17, 2024

General line - 0115112241

වත්තල පොලිසියේ ලොක්කෙක් කැත වැඩක් කරනවලු (PHOTOS)




වත්තල පිහිටි ජාත්‍යන්තර පාසලකට පිවිසිය හැකි අතුරු මාර්ග රැසක් පොලිසිය විසින් අවිධිමත්ව වසා දමා ඇතැයි එම පාසලේ සිසු සිසුවියන්ගේ මව්පියන් පවසනවා.

මේ නිසා අවට ප‍්‍රදේශයේ වාහන තදබදය ද වැඩි වී තිබෙන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

ප්‍රධාන මාර්ගයේ සිට අදාළ ජාත්‍යන්තර පාසලට පිවිසීම සඳහා පටුමගවල් එකොළහක් පමණ ඇති බවත් මෑතකදී සිට ඒ සියලු පටුමගවල් වසා දමා ඇති බවත් සඳහන් කළා.

පොලිසිය විසින් අදාළ මාර්ග මෙලෙස වසා දමා ඇත්තේ පෞද්ගලික පලිගැනීමක් ලෙස බවට ද මව්පියන් තුළ සැකයක් පවතිනවා.

වත්තල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ පුතා පාසලට මත්පැන් බෝතලයක් රැගෙනවිත් හසු වී ඇති බවත් එහිදී සිසුන් හය දෙනෙකු වෙත පාසලෙන් දඬුවම් කර තිබූ බවත් සඳහන් කළා. ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙලෙස මාර්ග අවහිර කරන බවට ප්‍රදේශවාසීන් තුළ මතයක් ඇති බවත් පැවසුවා.

14569048_10157680238030637_1666683144_n 14569132_10157680229270637_1134756769_n14580325_10157675528890637_1486885097_n 14580525_10157675533520637_387314616_n