Friday, March 29, 2024

General line - 0115112241

කාශ්මීරයේ ගැටළුවට ශ්‍රී ලංකාවට මැදිහත් විය හැකියි



කාශ්මීර දේශසීමාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර නැවත උත්සන්න වී තිබෙන ගැටුම් සමනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැකි බව විද්වතුන් පෙන්වා දෙනවා.

නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (04) සහභාගි වූ බණ්ඩාරනායක අන්තර්ජාතික අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය හරේන්ද්‍ර විතානගේ කියා සිටියේ අර්බුද යනු ඉදිරියට යාමට අවස්ථාවක් ද වන බවයි.

සාර්ක් සංවිධානය සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය බිහි කිරීමේදී ද ශ‍්‍රී ලංකාව කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළ බව මෙහිදී සිහිපත් කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)