Friday, March 29, 2024

General line - 0115112241

ජනපතිට අපහාස කළ ‘ට්විටර්’ ගිණුමට වැඩ වරදී




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අන්දමින් පවත්වාගෙන ගිය ට්විටර් ගිණුමක් නෙත් නිවුස් කළ දැනුම් දීමකින් පසු අක‍්‍රීය කර තිබෙනවා.

මෙම ට්විටර් ගිණුම සම්බන්ධයෙන් නෙත් නිවුස් තොරතුරු දැනුම් දුන්නේ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්ටයි.

ඔහුගේ අනුදැනුම යටතේ ජනාධිපති නව මාධ්‍ය සහකාර අධ්‍යක්ෂ සමීර ද සිල්වා විසින් ඒ බව ට්විටර් මව් ආයතනයට දැනුම් දී තිබෙනවා.

අදාළ ට්විටර් ගිණුම අක‍්‍රිය කර ඇත්තේ ඉන් අනතුරුවයි. “මෛත‍්‍රීපාල සිරිසෙන්” යන නමින් මෙම ට්විටර් ගිණුම් පවත්වාගෙන ගොස් තිබුණා. එය ආරම්භ කර ඇත්තේ 2015 ජනාධිපතිවරණය සමයේදී බවයි විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ.