Friday, March 29, 2024

General line - 0115112241

හොර ඩොලර් නෝට්ටු 60ක් අල්ලයි




ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් නෝට්ටු 60 ක් ළග තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු මුලතිව් මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාවට ලද තොරතුරක් මත මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ලාල් පත්මලාල් මහතාගේ මෙහෙයවීමෙන් උපාය දූතයෙකු යොදවා මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැණුනා. ව්‍යාජ ඩොලර් නෝට්ටුවල වටිනාකම මෙරට රුපියල්වලට හරවා සම්පූර්ණ වශයෙන් අළෙවි කළේ නම් රුපියල් අට ලක්‍ෂ විසි හතර දහසක මුදලක් මෙම වංචනිකයන් වෙත ලැබීමට ඉඩ තිබූ බවයි පොලීසිය පැවසුවේ.

රුපියල්වලින් මුදල් ගෙවා ඩොලර් ලබා ගැනීමේ මුවාවෙන් පොලීසියේ උපයා දූතයා සැකකරුවන් සමග සමීප වී තිබෙනවා. අත්අඩංගුවට ගැණුනු තිදෙනා පුදුකුඩිඉරිප්පු සහ මුල්ලියාවේලි ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඔවුන් අද (07) මුලතිව් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.