Thursday, April 25, 2024

General line - 0115112241

වතු කම්කරුවන් අදත් පාරේ




වතු කම්කරුවන් අදත් ස්ථාන කිහිපයක උද්ඝෝෂණවල නිරත වුණා. සිය වැටුප වැඩි කිරීම ඔවුන්ගේ මූලික ඉල්ලීමයි.

බුලත්සිංහල නගරයේදී උද්ඝෝෂණය කළ වතු කම්කරුවන් පිරිසක් කියා සිටියේ සිය ජීවන තත්ත්වය විශාල ලෙස පහළ වැටී ඇති බැවින් මෙම වැටුප් වැඩීවීම අත්‍යාවශ්‍ය බවයි.

වැලිමඩ නගරයේදී ද වතු කම්කරුවන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා.

බගවන්තලාව නගරයේදී සහ හැටන් කොටගල නගරයේදී ද අද දිනයේ වතුකම්කරු විරෝධතා පැවැත්වුණේ නමවන දිනටයි.

වතු කම්කරුවන්ගේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් සහ වතු හාම්පුතුන් අතර ඊයේ (04) දිනයේ ද සාකච්ඡා පැවැත්වුණා. කෙසේ වෙතත් සාකච්ඡා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.

bogo-01-1 bogo-01-3 bogo-01-4 bogo-01-5 bogo-01-7 bogo-01-8 bogo-01-11 bogo-01-14