Saturday, April 20, 2024

General line - 0115112241

මාලඹේ වෛද්‍ය සිසුවියගේ පෙත්සම යළි සළකා බැලේ




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙසට ඉල්ලා එහි ශිෂ්‍යාවක් ගොනුකර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණයේදී අද (05) නැවත සලකා බැලුණා.

විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන එහිදී කියා සිටියේ මෙම නඩුවට මැදිහත් වීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 13 ක් කළ ඉල්ලීම පිළිගත නොහැකි බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.