Saturday, April 20, 2024

General line - 0115112241

කොදෙව් ‘ඒ’ පිළට ශ්‍රී ලංකා “ඒ” පිළෙන් පිළිතුරු




ශ‍්‍රී ලංකා ‘ඒ’ සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 75 ක් ලබාගෙන සිටියා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම ලබාගත් ලකුණු 276ට පිළිතුරු වශයෙන්. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.