Friday, March 29, 2024

General line - 0115112241

VAT යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට




වැට් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

වැට්බදු පනත් කෙටුම්පතේ 4,13,17 සහ 18 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4, සහ 12 (1), 12(2), 14(1) (2) වගන්තිවලට පටහැනි බව දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (05) උදෑසන මෙම පෙත්සමක් ගොනුකර ඇත.

මෙම පෙත්සම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දෙන තෙක් වැට් බදු පනත් කෙටුම්පත විවාදයට නොගැනීමට පාර්ලිමේන්තුවට සිදුවනු ඇත.