Friday, March 29, 2024

General line - 0115112241

මෙසී පාපන්දු පිිටියට සමුදෙයි




ආර්ජන්ටිනාවෙන් බිහිවූ සුපිිරි පාපන්දු කී‍්‍රඩකයෙකු වන ලයනල් මෙසී අන්තර් ජාතික පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

එ්, අමෙරිකාවේ පැවති කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ චිලී කණ්ඩායම සමග පැවැති අවසන් මහ තරගයේදී ආර්ජන්ටිනාව ගෝල 4 ට දෙකක් ලෙස පරාජය වීමත් සමගයි. ඩියාගෝ මැරඩෝනාගෙන් පසු ආර්ජන්ටිනාවෙන් බිහිවූ සුපිරිතම පාපන්දු ක‍්‍රීඩකයා ලෙසටයි ලයනල් මෙසී හැදින්වෙන්නේ.

මේ වනවිට 29 වැනි වියේ පසුවන මෙසී වසර 11 ක් ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. 2005 වසරේදී ආර්ජන්ටිනා කණ්ඩායමට එක්වූ ඔහු මේ දක්වා තරග 113 කට කී‍්‍රඩා කරමින් අන්තර්ජාතික පාපන්දු පිටියේ වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 55 ක්. එය එතෙක් මෙතෙක් ආර්ජන්ටිනා කී‍්‍රඩකයෙකු අන්තර්ජාතික පාපන්දු පිටියේ වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාවද වනවා.

ඉකුත් 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය දක්වා ආර්ජන්ටිනා කණ්ඩායම මෙහෙයවූ ලයනල් මෙසී එම තරගාවලියේ රන් පන්දුවද දිනා ගත්තා. 2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේ්දී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමට නායකත්වය දුන් මෙසී, පාපන්දු රන් පදක්කමද ආර්ජන්ටිනාවට දිනා දුන්නා.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය පවත්වන වාර්ෂික පාපන්දු සම්මාන උළෙල 5 කදී ලයනල් මෙසී වසරේ විශිෂ්ඨතම පාපන්දු කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා. බාසිලෝනා කී‍්‍රඩා සමාජයද නියෝජනය කරන මෙසී 2009 වසරේ සිට 2012 දක්වා එම සම්මානය පිටපිටම සිව් වතාවක් දිනා ගැනීමද කැපී පෙනෙනවා.

_90123440_messi_ap_shirt _90123441_messi_sitting_afp _90123442_messionhishaunches_reuters _90123443_messi_back_afp