Wednesday, April 24, 2024

General line - 0115112241

සයිටම් ආයතනයෙන් සොයාගත් අස්ථි කොටස් ජින්ටෙක් වෙත




මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රසායනාගාරය පරික්ෂාවේදී සොයාගත් අස්ථි කොටස් 26 බොරැල්ල ජින්ටෙක් ආයතනයට බාරදීමට නියෝග කර තිබෙනවා. ඒ සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙසද දන්වා තිබෙනවා.

අද (05) එම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේ අදාළ අස්ථි කොටස් තාජුඩීන්ගේ දැයි සෙවීම සඳහා එසේ යොමු කරන ලෙසයි.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ පළමු මරණ පරික්ෂණය අතරතුර මෘත ශරිරයේ කොටස් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රසායනාගාරය පරික්ෂා කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඉකුත් 03 වැනිදා එහි ගොස් තිබුණා.

එහිදී මෙම අස්ථි කොටස් සොයා ගැනුනා.