Thursday, April 25, 2024

General line - 0115112241

‘ප්‍රබලයින් තවම ඉන්නේ පිටුපසයි’




බැසිල් රාජපක්‍ෂ මහතා පමණක් නොව තවත් ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයන් රැසක් අලුතින් පිහිටුවීමට නියමිත දේශපාලන බලවේගය පිටුපස සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

මොරටුව, එගොඩඋයන බෝධිරාජාරාම විහාරස්ථානයේ ඊයේ (06) පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියාසිටියා.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳවද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ චෝදනා ඇත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට පමණක් නොව හැමෝටම බවයි.