Saturday, April 20, 2024

General line - 0115112241

තංගල්ලේ සභාපතිට දුන් දඬුවම මදි කියා කළ අභියාචනයට දින දෙයි




තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු චූදිතයින් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අභියාචනය ඔක්තෝම්බර් මස 13 වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. 2011 වර්ෂයේ තංගල්ල ප‍්‍රදේශයේ හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කළ බවට වරදකරුවන් වූ එම චූදිතයින්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම ප‍්‍රමාණවත් නොවන බව පවසමින් මෙම අභියාචනය ඉදිරිපත් කෙරුණා.

නීතිපතිවරයා මෙහිදී අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ චූදිතයින්ට ලබා දී ඇති අවුරුදු 20 බැගින් වූ සිරදඬුවම වෙනුවට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලෙසයි. තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ, ලහිරු කැළුම්, සමන් දේශප‍්‍රිය සහ ප‍්‍රගීත් චතුරංග මෙම නඩුවේ චූදිතයින් වනවා.