Thursday, April 25, 2024

General line - 0115112241

මහ ඇමති ඇතුළු ඇමති මණ්ඩලයටම උසාවි එන්න නියෝග




උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට, ඇමති මණ්ඩලයට සහ පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු නිලධාරීන් දෙදෙනෙකුට මේ මස 17 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

ඒ, දූෂණ විරෝධී හඬ සංවිධානය ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. රුපියල් කෝටි 25ක් පමණ වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් රජයේ ප‍්‍රසම්පාදන නියමයන් උල්ලංඝනය කරමින් දේශපාලන හිතවන්ට ලබාදුන් බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනු කෙරුණා. අදාළ පෙත්සම සලකා බැලූණු අවස්ථාවේදී උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කළා.