Wednesday, April 24, 2024

General line - 0115112241

ETCA බළලා මල්ලෙන් පනී




මෙම වසර අවසන් වීමට පෙර ඉන්දියාව සමග එට්කා ගිවිසුමට (Economic and Technology Cooperative Agreement) අත්සන් තබන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් දිල්ලි නුවරදී අද (06) පැවති ඉන්දීය ආර්ථික සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිිටියා.

2020 වසර වන විට ශ‍්‍රී ලංකාවේ අයවැය පරතරය සියයට 3යි දශම 5ක් දක්වා අඩු කරමින් සීග‍්‍ර ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීම ශ‍්‍රී ලංකාවේ නව ආර්ථික කි‍්‍රයා පිළිවෙතේ ප‍්‍රධාන අරමුණ වන බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ. බටහිර රටවල් විසින් සම්පාදනය කළ ගෝලීය ආර්ථිකයේ නීති රීති මෙතෙක් කල් අප විසින් කි‍්‍රයාත්මක කරනු ලැබුව ද අද වන විට මෙම ක‍්‍රමවේදය විවිධ අර්බුදයන්ට ලක්වී ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. පවතින තත්ත්වය මත මෙම නීති සම්පාදනය කිරීමේ අවස්ථාව ආසියාව වෙත ලබාගැනීමට හැකි නම් එම අභියෝග ජයගෙන යුරෝපා රටවල් අභිබවා යාමට ආසියාවට හැකි බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.