Tuesday, April 16, 2024

General line - 0115112241

ගම්මන්පිල ෆොන්සේකා ගැටේ කතානායක හිරවේ




පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල යොමු කළ ප‍්‍රශ්නයක් හේතුවෙන් අද (06) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, අග‍්‍රාමාත්‍යවරයා වෙනුවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පිළිතුරු ලබාදෙන අවස්ථාවේ අමාත්‍ය සරත් ෆොන්සේකා උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයාට විරෝධය දක්වමින් අදහස් පළ කිරීමත් සමගයි.

එහිදී උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා පැවසුවේ කතානායකවරයා විසින් සරත් ෆෝන්සේකා අමාත්‍යවරයා නිහඬ නොකිරීම හේතුවෙන් තමන්ට පිළිතුර නොඇසුනු බවයි. එබැවින් ඒ සම්බන්ධයෙන් විමසීමට තිබූ ප්‍රශ්න මගහැරී ගිය බවද ඔහු පැවසුවා.