Saturday, April 20, 2024

General line - 0115112241

කොදෙව්වන් සමග තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු සිව්දින ක‍්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව සිටිනවා. දෙවන ඉනිම ක‍්‍රීඩා කරන කොදෙව් ‘ඒ’ කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලූ 9ක් දැවී ලකුණු 165ක් රැස්කර සිටියා.

ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 386ක් රැස්කළ අතර කොදෙව් ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමට රැස්කළේ ලකුණු 276ක් පමණයි. ඒ අනුව කොදෙව් ‘ඒ’ කණ්ඩායම ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ දෙවන ඉනිමට වඩා ලකුණු 55ක් ඉදිරියෙන් සිටිනවා. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අවසන් දිනය හෙටයි.

sla-vs-wia