Wednesday, April 24, 2024

General line - 0115112241

මහින්දගේ තිගැස්සෙන ප්‍රකාශ




සමුපකාර ඡන්දයේ ප‍්‍රතිඵල මත සාමාන්‍ය මැතිවරණයක ප‍්‍රතිඵල සම්බන්ධයෙන් අනාවැකි කිව නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් තිගැස්සෙන ආකාරයේ ප‍්‍රකාශ කිහිපයක් පසුගිය දිනවල සිදුකර ඇති බවද ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය රත්නපුරයේ පවත්වන රැළියට සීවලී ක‍්‍රීඩාංගණය ලබානොදුන් බවට පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය සිදුකළ ප‍්‍රකාශය බොරුවක් බව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න පැවසුවා.