Friday, April 26, 2024

General line - 0115112241

වතු කම්කරුවන් දොළොස්වන දිනටත් විරෝධතාවල




සිය දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලා වතුකම්කරුවන් අද (07) දොලොස් වන දිනටත් විරෝධතාවල නිරත වනවා.

ඒ අනුව ඔවුන් හැටන් – කොළඹ ප‍්‍රධාන මාර්ගය ෂැනන් තේ කර්මාන්ත ශාලාව අසළින් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් හත්සිය තිහකින් ඉහළ නැංවීමට වතු හාම්පුතුන්ගේ සංගමය එකඟතාව පළ කළ ද කම්කරුවන් එය ප‍්‍රතික්ෂේප කළා.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට රුපියල් දහසක දෛනික වැටුපක් අවශ්‍ය බවයි.

protest-www-nethnews-lk00001 protest-www-nethnews-lk00002 protest-www-nethnews-lk00003 protest-www-nethnews-lk00004 protest-www-nethnews-lk00005 protest-www-nethnews-lk00006 protest-www-nethnews-lk00007 protest-www-nethnews-lk00008