Friday, April 19, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ තවත් පිපිරීමක් (VIDEO)




බංග්ලාදේශයේ ඩාකා නුවර පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීමෙන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

බංග්ලාදේශයේ ඩකා අගනුවර රාමසාන් යාඥා මෙහෙයක් පැවති ස්ථානයකට ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

විදෙස් පුවත් වාර්තා වැඩි දුරටත් අනාවරණ කළේ ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකුද මියගොස් ඇති බවයි. පිපිරීමෙන් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් අනාවරණ වුණා.

මේ වන විට අදාළ ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක් සිදු වෙමින් ඇති බවත් විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළා.