Thursday, March 28, 2024

General line - 0115112241

එටිසලාට් ලංකා සමාගම මෙරට අන්ධභාවය තුරන් කිරීම සඳහා තවදුරටත් කැපවෙයි




අන්ධභාවය සහ දෘශ්‍යාබාධ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගෙන සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දෙවන බ‍්‍රහස්පතින්දා දින ‘ලෝක දෘෂ්ටි දිනය’සමරනු ලැබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂන් 2020 වැඩසටහන සහ So Others May See (SOMS) සංවිධානය එක්ව මෙම වසරේදී පවත්වනු ලබන මෙම වැඩසටහන සහ එහිදී පැවැත්වෙන විවිධ ඉසවු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට එටිසලාට් ලංකා සමාගම දායක වී සිටිනවා.

ලෝක දෘෂ්ටි දිනය සමරමින් දෑසේ පෙනීම රැකගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා ඔක්තෝබර් 13 වැනි දින නිදහස් චතුරශ‍්‍රයේ සිට විශේෂ පා ගමනක් පැවැත්වෙනු ඇත. මෙම වැඩසටහනට අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන් ප‍්‍රමුඛව සෞඛ්‍ය අමාත්‍යංශය, එටිසලාට් ලංකා, SOMS, විෂන් 2020 යන ආයතන හා සංවිධානවල නිලධාරීන් සහ අක්ෂි ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ නියෝජිතයන්ද සහභාගී වීමට නියමිත යි.

මෙම පා ගමනට සමගාමීව කළුබෝවිල පින්වත්ත මහා විහාරයේදී අක්ෂි සායන මාලාවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා. මෙහිදී 1,200 කට අධික පිරිසක් අක්ෂි පරීක්ෂාවන්ට ලක්වනු ඇති අතර ඉන් 1,000 කට පමණ පිරිසකට ඇස් කන්නාඩි ලබාදීමට අපේක්ෂා කෙරෙනවා. ඊට අමතරව ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම සඳහා රෝගීන් පරීක්ෂාව සහ ලියාපදිංචි කිරීමද එදින සිදුකරනු ලබන අතර මේ වනවිට අක්ෂි සත්කාර සම්බන්ධ ජනතාවගේ විමසීම් වලට පිළිතුරු ලබාදීම සඳහා SOMS සංවිධානය වෙනුවෙන් විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් (0721 21 21 23) හඳුන්වා දීමටද එටිසලාට් කටයුතු කර ඇත. මීට අමතරව, බස් රථයක් පැමිණෙන තුරු රැඳී සිටින අතර ජනතාවට අක්ෂි පරීක්ෂාවක් කරගැනීමේ අවස්ථාව සැලසීම සඳහා බස් නැවතුම්වල අක්ෂි පරීක්ෂණ වගු සවිකිරීමටද වැඩසටහනක් දියත් කරන ලදි.

ශ‍්‍රී ලංකාවේ මිලියන 20 ක් පමණ වන ජනගහනයෙන් මිලියනයක පමණ පිරිසක් ඇස් පෙනීම අඩුවීමේ තත්ත්වයන්ගෙන් පීඩා විඳින අතර මේ අතරින් 150,000 ක පමණ පිරිසක් අන්ධභාවයට පත්වී ඇතැයි සැලකේ. ඇසේ සුද, වර්තන දෝෂ, ග්ලෝකෝමා, දියවැඩියාව නිසා ඇතිවන ආබාධ සහ දරුවන් තුළ ඇතිවන අන්ධභාවය යනාදිය අන්ධභාවය සඳහා බලපාන හේතු ලෙස පෙන්වා දිය හැක. මේ අතරින් බහුතරයක් ඇසේ සුද මතුවීම නිසා අන්ධභාවයට පත්වී සිටිති. ඇසේ සුද මතුවීම යනු බොහෝ දුරට වියපත් වීමත් සමග ඇතිවන තත්ත්වයක් වුවද උපතින්ම මෙන්ම ඇසට සිදුවන අනතුරු සහ දීර්ඝකාලීන අක්ෂි රෝග නිසාද ඇසේ සුද ඇතිවීමේ ඉඩකඩ පවතිනවා.

එටිසලාට් ලංකා සමාගම මීට පෙර වාර්ෂිකව ආගමික උත්සව අවස්ථාවලදී ජනතාවට නොමිලේ ඇස් කන්නාඩි බෙදාදීමේ ප‍්‍රජා සත්කාර මාලාවක් පැවැත්වී ය. මෙම නව වැඩසටහනත් සමග එම ප‍්‍රජා සත්කාර සංකල්පය තවදුරටත් පුළුල් කිරීමට සමාගම පියවර ගෙන තිබෙනවා.

“අප ක‍්‍රියාත්මක කරන මේ තිරසාර වැඩසටහනේ දීර්ඝකාලීන අරමුණ වන්නේ ජනතාවගේ දෑස් පෙනීම වැඩිදියුණු කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමයි. වඩාත් විධිමත් පරීක්ෂණ හා ප‍්‍රතිකාර සේවා ඔස්සේ රටේ දෘෂ්ටිය සම්බන්ධ ආබාධවලින් පෙනෙන පුද්ගලයන් සංඛ්‍යාව අවම කිරීමට හැකිවේවි කියා අප සිතනවා. බාල මහලු කාටත් ඇස් කන්නාඩි ලබාදීම මෙන්ම පෙනීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා සැත්කම්වලට භාජනය වීමේ අවස්ථාව සලසා දීම අපේ ඉලක්කයයි” එටිසලාට් ලංකා සමාගමේ ප්‍රධාන වාණිජ නිළධාරී (Chief Commercial Offer) යසර් අබුල්අමායම් මහතා පැවසී ය.

සමාජය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම සඳහා කැපවී සිටින එටිසලාට් ලංකා සමාගම කලක පටන් මෙරට අන්ධභාවය සහ ඇසේ සුද මතුවීම තුරන් කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙමින් සිටී.

072 ජාලය මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ වසර 25 කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වී ඇති අතර මෙම වැඩසටහනද ශ‍්‍රී ලාංකිකයන්ට වඩාත් යහපත් හෙට දවසක් උදාකර දීම සඳහා සමාගම දක්වන දායකත්වයේ තවත් සුවිශේෂී පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.