Friday, April 19, 2024

General line - 0115112241

තියුණු තරගයකින් එංගලන්තය ජය ගනී




බංග්ලාදේශය සමග ඊයේ (07) පැවති එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 21 කින් ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මෙම තරගය පැවැත්වුණේ මීර්පූර් හි ෂියා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8 ක් දැවී ලකුණු 309 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 47 යි පන්දු 5 කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 288ක් පමණයි. ඔවුන්ගේ ඉනිමේ අවසන් කඩුලු 6 ම ලකුණු 17 ක් තුළ බිඳවැටීම විශේෂත්වයක් වුණා.