Friday, April 19, 2024

General line - 0115112241

හයිටියේ මරණ දෙගුණ වෙයි (VIDEO)




මැතිව් චණ්ඩ මාරුතය හේතුවෙන් හයිටි රාජ්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව ‍ මේ වන විට මරණ සංඛ්‍යාව 800 කට වඩා වැඩිවිය හැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.

එම සුළි කුණාටුව නිසා ගමනාගමන පහසුකම් ඇණහිට තිබුණු දකුණු ප්‍රදේශ වෙත සහන කණ්ඩායම් ළඟාවෙත්ම මෙසේ මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැකි බවත් වාර්තා වෙනවා.

මේ අතර හයිටිය වෙත මානුෂීය ආධාර සපයන ලෝක ආහාර සංවිධානය පවසන්නේ චණ්ඩ මාරුතය නිසා දැඩි බලපෑමට ලක්වූ නගර වෙත ගුවනින් හා මුහුදින් පමණක් ළඟා විය හැකි බවයි.

චණ්ඩ මාරුතය හේතුවෙන් වැඩිම මරණ වාර්තා වී ඇත්තේ හයිටියේ නිරිතදිග වෙරළ කලාපය ආශ්‍රිතවයි.