Friday, March 29, 2024

General line - 0115112241

මලල ක‍්‍රීඩා බලධාරීන්ට දයාසිරිගෙන් දෝස්මුරයක්




මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු රන් පදක්කම්ලාභිනී රුමේෂිකා රත්නායක ක‍්‍රීඩිකාව ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟා නොවීම සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මලල ක‍්‍රීඩා බලධාරීන්ට දෝෂාරෝපණය කර තිබෙනවා.

රුමේෂිකා රත්නායකට ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟා වීමට නොහැකි වුවත් දකුණු ආසියානු තරගාවලියේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ඉන්දීය ක‍්‍රීඩිකා ඩුටී චාන්ද් ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟා වී ඇති බවයි නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ.

මේ අනුව ඩුටී චාන්ද් ට ලබන අගෝස්තු මස පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව හිමිවනවා.

රුමේෂිකා රත්නායකට එම අවස්ථාව තවමත් හිමි වී නැහැ. ඒ පිළිබඳ කළ විමසීමකදී ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වූ හඬපටය පහතින් අහන්න

මෙවර ඔලිම්පික් තරගාවලියේ මලල ක‍්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබාගැනීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පරිසාධන මට්ටමට ළඟා වීම සඳහා ලබා දී ඇති අවසන් දිනය ලබන මස 11 වෙනිදායි.