Thursday, March 28, 2024

General line - 0115112241

ජපුර අධ්‍යාපන කාර්යාලයේ ගින්න මඩියි (UPDATE)




බත්තරමුල්ලේ පිහිටි ශී‍්‍ර ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගොඩනැගිල්ලක අද (07) දහවල් ගින්නක් හට ගැණුනා. කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ දෙකක් යොදවා ගින්න මැඩපවත්වා තිබෙනවා. වායුසමීකරණ යන්ත‍්‍රයක මෙම ගින්න හටගෙන ඇති බවයි විමර්ශවලදී අනාවරණ වී තිබෙන්නේ.


ජපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගින්නක්

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.

කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ යෙදවූ බවයි.