Saturday, April 20, 2024

General line - 0115112241

විරාත් කෝලිගෙන් තවත් ක්‍රිකට් වාර්තාවක්




ඉන්දීය පිතිකරු විරාත් කෝලි අද (09) තවත් කි‍්‍රකට් වාර්තාවක හිමිකරුවෙකු වුණා.

ඒ ටෙස්ට් තරගයකදී කිසියම් කඩුල්ලක් වෙනුවෙන් ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ පස්වන වැඩිම ලකුණු සබඳතාව බිහි කරමින්.

කෝලි මෙම වාර්තාව බිහි කිරීමට දායක වූයේ අජින්ක්‍යා රහනේ සමගයි. ඒ නවසීලන්තය සමග පැවැත්වෙන 3 වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදීයි.

ඔවුන් දෙදෙනා සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 365ක සබඳතාවක් ගොඩනැගුවා.

කෝලි ලකුණු 211යි. රහනේ ලකුණු 188ක් රැස් කළා. ඉන්දීය පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 557 යි.

253224

253216