Friday, March 29, 2024

General line - 0115112241

මතභේද මැද බංග්ලාදේශය එංගලන්තය හා සමවෙයි (PHOTOS)




එංගලන්තය සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය එකට එකක් ලෙස සම කර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ, ඊයේ (09) රාත‍්‍රියේ පැවති දෙවන එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 34 කින් ජය ගනිමින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50දී කඩුලු 8 කට ලකුණු 238 ක් ලබාගත්තා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ එංගලන්තයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 204 ක් පමණයි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මෂ්රෆේ මොර්ටාසා කඩුලු හතරක් සහ ටස්කින් අහමඩ් කඩුලු තුනක් දවා ගත්තා.

කෙසේ වෙතත් මෙම තරගය උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවේ දෙපිලේ ක‍්‍රීඩකයින් අතර ඇති වූ උණුසුම් වාද විවාද ඇති වීමත් සමගයි.

ලකුණු 57 ක් රැස්කර සිටි එංගලන්යේ ජොස් බට්ලර් දැවී යාමත් සමග පිටියේ උණුසුම් තත්වයක් ඇති වුණා. ඒ, දැවී යාමෙන් පසු බංග්ලාදේශ ක‍්‍රීඩකයින් බට්ලර් ඉලක්ක කර විවිධ ප‍්‍රකාශ සිදු කිරීම හා ඊට බට්ලර් ද මැදිහත්වීමත් සමගයි.

පසුව තරගය අවසානයේ තමීම් ඉක්බාල් සහ බෙන් ස්ටොක්ස් අතර ද උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

කෙසේ වෙතත් ජොස් බට්ලර් පසුව ප‍්‍රකාශ කර ඇත්තේ බංග්ලාදේශ ක‍්‍රීඩකයින් ප‍්‍රීතිය සැමරූ ආකාරය ‘‘ ඕනෑවට වැඩියි’’ යන හැගීමක් තමාට දැණුනු බවයි. තමා එය ගැටළුවක් කර නොගන්නා බව ඔහු පවසා තිබෙනවා.

253257 253267 253268 253273