Thursday, March 28, 2024

General line - 0115112241

කොලොම්බියා ජනපති නොබෙල් සාම ත්‍යාගය දන් දෙයි




මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සන්තෝස්, තමන්ට ලද ත්‍යාග මුදල පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා පවසන්නේ වසර 52 ක් මුළුල්ලේ පවතින ගැටුම්වලින් විපතට පත් වූවන් වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයෙන් ලද මුදල පරිත්‍යාග කරන බවයි.

ඔහු ඉකුත් දා මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ ෆාර්ක් ගරිල්ලන් සමග පවතින ගැටුම් නිම කිරීමට දරණ උත්සහය වෙනුවෙන්. ඊට අදාළව කොලොම්බියානු ජනාධිපතිවරයාට ඩොලර් නවලක්ෂ විසිපන් දහසක ත්‍යාග මුදලක් ද හිමි වුණා.

කොලොම්බියාවේ පවතින ගැටුම්වලින් පුද්ගලයින් දෙලක්ෂ හැට දහසකට අධික පිරිසක් දැනටමත් ජීවිතක්ෂයට පත්ව අවසන්. අවතැන් සංඛ්‍යාව ලක්ෂ 60කට අධිකයි.

ගැටුම් නිම කිරීමේ අරමුණින් ෆාර්ක් ගරිල්ලන් සමග ඉකුත් මාසයේ සාම ගිවිසුමකට ද අත්සන් තැබීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. එහෙත් ඉකුත් සතියේ පැවති ජනමත විචාරණයේ දී කොලොම්බියාවේ ජනතාව එය ප‍්‍රතික්ෂේප කළා.