Friday, March 29, 2024

General line - 0115112241

විදේශීය මනමාලයා ගොන් කරත්තයෙන්




ද්‍රවිඩ තරුණියක විවාහ කරගත් විදේශීය ජාතිකයෙකුට යාපනයේ කයිතඩි ප‍්‍රදේශයේ දී අපූරු ආකාරයේ අත්දැකීමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

විවාහ මංගල්‍ය පවත්වා ඇත්තේ හින්දු සාම්ප‍්‍රදායික ක‍්‍රමයටයි. විදේශීය ජාතිකයා හින්දු සාම්ප‍්‍රදායික ඇඳුම්වලින් සැරසී සිටීම ද විශේෂත්වයක්.

පසුව මනමාලයා ගොන් කරත්තයක නංවා සාම්ප‍්‍රදායික ලෙස නිවස වෙත රැගෙන ගිය බවයි නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

විවාහක යුවළ කරත්තයක නැග නිවස වෙත පැමිණීම හින්දු සම්ප‍්‍රදායට අනුව විවාහ චාරිත‍්‍ර ඉටු කිරීමේ දී සිදු කරන්නක් බවයි පැවසෙන්නේ.

ඊට අදාළ ඡායාරූප පහතින් දැක්වේ

wedding-www-nethnews-lk00001 wedding-www-nethnews-lk00002