Thursday, April 25, 2024

General line - 0115112241

හිලරි සිරගත කිරීමට ට‍්‍රම්ප් සැරසෙයි




2016 අමෙරිකානු ජනාධිපතිවරණ සටනේ ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සහභාගී වන දෙවන රූපවාහිනී විවාදය අද (10) ආරම්භ වුණා. විවාදයට එක්වන්නේ හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඞ් ට‍්‍රම්ප්.

ට‍්‍රම්ප්, මෙම විවාදයට එක්වන්නේ කාන්තාවන් පිළිබඳ සිදු කළ අසභ්‍ය ප‍්‍රකාශනයකට අදාළ වීඩියෝ පටයක් නිකුත් වී තිබියදී වීම විශේෂත්වයක්.

ඒ සමගම ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජනප‍්‍රියත්වය ද ශීඝ‍්‍රයෙන් පහත වැටුණු අතර ඔහුට සහය දුන් රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් ද ඔහු හැර ගියා.

කෙසේ වෙතත් විවාදය අරඹමින් ඩොනල්ඩ් ට‍්‍රම්ප්, හිලරි ක්ලින්ටන් හට ද ලිංගික අපහාසාත්මක චෝදනා එල්ල කිරීම ද විශේෂත්වයක්.

ඊට ප‍්‍රතිචාර දැක් වූ ක්ලින්ටන් පවසා ඇත්තේ කාන්තාවන් අරඹයා අසභ්‍ය ප‍්‍රකාශ සිදු කළ ට‍්‍රම්ප් ජනාධිපති ධුරයට සුදුසු නොවන බවයි.

එහිදී ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ටද අපචාර චෝදනා එල්ලකළා.

තමන් ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් විශේෂ කමිටුවක් හරහා විද්‍යුත් තැපෑල මගින් රාජ්‍ය තොරතුරු හුවමාරු කළ බවට හිලරි ක්ලින්ටන්ට එල්ලවන චෝදනා පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේ. පසුව ඇයව සිරගත කරන බවද ඔහු මෙහිදී පැවසුවා.