Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රීඩක ගිවිසුම්වලට පෙර අමුතු කොන්දේසියක්




ලබන සතිය වනවිට ජාතික සංචිතය නියෝජනය කරන කී‍්‍රඩයන් සමග කී‍්‍රඩක ගිවිසුම් අත්සන් කර අවසන් කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

එහි සභාපති තිලංග සුමතිපාල අද (10) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ සෙසු කී‍්‍රඩකයන්ට අදාළ ගිවිසුම්වලට එළඹීමද මෙම මස අවසන්වීමට පෙර සිදුකරන බවයි.

කී‍්‍රඩකයන් සියයකට ආසන්න පිරිසක් මෙලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම්ගතවීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් මෙවර ඒ සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසියක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක්ද මතුව ඇති බවයි කි‍්‍රකට් ආරංචිමාර්ග පවසන්නේ.

ඒ, කි‍්‍රකට් ආයතනයේ සිටින බලධාරීන්ගේ කී‍්‍රඩා සමාජවලට එක්වන්නේ නම් පමණක් අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීමට කී‍්‍රඩකයන්ට අවස්ථාව හිමිවීම හේතුවෙන් බවයි එම ආරංචිමාර්ග අනාවරණ කළේ.