Thursday, April 25, 2024

General line - 0115112241

කී‍්‍රඩකයන් තෝරාගත් ආකාරය ගැන කී‍්‍රඩා ඇමති වාර්තාවක් කැඳවයි




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කී‍්‍රඩක ගිවිසුම් අත්සන් කිරීමට, කී‍්‍රඩකයන් තෝරාගත් ආකාරය සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වාර්තාවක් කැඳවා තිබෙනවා.

කී‍්‍රඩා සමාජවලින් තෝරාගනු ලැබූ කී‍්‍රඩකයන් 65 දෙනෙකු ඒ සඳහා තෝරාගත් ආකාරය පිළිබඳ කරුණු දක්වන ලෙසයි කී‍්‍රඩා අමාත්‍යවරයා කි‍්‍රකට් ආයතනයට දන්වා ඇත්තේ.

ජාතික තේරීම් කමිටුවෙන් බැහැරව වෙනත් කමිටුවක් මගින් මෙම කී‍්‍රඩකයන් 65 දෙනා තෝරාගෙන තිබෙනවා.

ඇතැම් කී‍්‍රඩකයන් අදාළ කමිටුවේ නියෝජිතයන්ගේ කී‍්‍රඩා සමාජවල සාමාජිකයන්වීම හේතුවෙන් තෝරාගෙන ඇති බවට ඇතැම් පාර්ශව චෝදනා එල්ල කළා.