Friday, April 19, 2024

General line - 0115112241

ජලය රැකගන්න කඳුකරයේ වැවිලි ක්‍ෂේත‍්‍රයට සීමා අවශ්‍ය බවට අනාවරණයක්



ශී‍්‍ර ලංකාව මුහුණපා සිටින නියං තත්ත්වයන්ගෙන් මිදීම සඳහා මධ්‍යම කඳුකරයේ වනගහණය වැඩි කළයුතු බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසනවා.

ඒ සඳහා මධ්‍යම කදුකරයේ වැවිලි කර්මාන්තයද සීමා කිරීමටද සිදුවනු ඇති බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දුන්නේ.

ඊයේ (10) රාති‍්‍රයේ විකාශය වූ නෙත්. එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙරට මහා පරිමාණ ජල යෝජනා ක‍්‍රම කි‍්‍රයාත්මක කිරීමේදීද පාරිසරික තත්ත්වයන් පිළිබඳ නිසි සැලකිල්ලක් නොදැක් වූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
නෙත්. එෆ්. එම්. අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න