Wednesday, April 24, 2024

General line - 0115112241

වටවල නිවාස 29ක විදුලි උපකරණ තක්සේරු කෙරේ




අධිබලැති විදුලි ධාරිතාවක් ගලාඒම හේතුවෙන් හැටන්, වටවල ප‍්‍රදේශයේ නිවාසවල හානි වූ විදුලි උපකරණ සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලබාගැනීම අද (11) ආරම්භ කළා.

විදුලිබල මණ්ඩලය හා වටවල පොලීසිය එක්ව මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉකුත් 8 වනදා අලුයම වටවල රෝහල් මාවතේ සහ සමන්පුර ප‍්‍රදේශයේ නිවාස 29 ක විදුලි උපකරණ අධිවෝල්ටීයතාවයක් හේතුවෙන් පිළිස්සී ගියා.

ඒ පිළිබඳ ප‍්‍රදේශවාසීන් වටවල පොලීසියට කළ පැමිණිලි අනුව එම තක්සේරු වාර්තා ලබාගැනීම ආරම්භ කර තිබෙනවා.

watawala-www-nethnews-lk00001 watawala-www-nethnews-lk00002 watawala-www-nethnews-lk00003 watawala-www-nethnews-lk00004 watawala-www-nethnews-lk00005 watawala-www-nethnews-lk00006 watawala-www-nethnews-lk00007 watawala-www-nethnews-lk00008 watawala-www-nethnews-lk00009 watawala-www-nethnews-lk00010