Saturday, December 7, 2019
Hotline - 0770586666

අමාත්‍යාංශවල පෞද්ගලික කාර්යමණ්ඩලයේ ක්‍රිකට් තරගාවලිය (VIDEO)

10379Views




අමාත්‍යංශවල පෞද්ගලික කාර්ය මණ්ඩලය අතර සුහඳ ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කර තිබුණා.

ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය, ජනාධිපති මාධ්‍ය අංශය සහ ජනාධිපති ආරක්ෂක අංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන ගණනාවක් නියෝජනය කරමින් පිරිස් සහභාගී වුණා. පසුගිය ඔක්තෝබර් මස 09 වෙනි දින කෝට්ටේ සේනානායක ක්‍රිඩාංගනයේ මෙය පැවැත් වුණා.

ඊට අමතරව පෞද්ගලික ආයතන 02 ක් වන ගොලායත් හෝල්ඩින්ග් සහ ගොලායත් ලොජිස්ටික් යන ආයතන ආරාධිත කණ්ඩායම් ලෙස සහභාගී වී සිටියා.

මෙම අවස්ථාව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ ජනාධිපති මහජන සම්බන්ධතා නිලධාරී තිලිණ වේවැල්පනාව ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

තරගාවලියේ ශුරතාවය ආරක්ෂක අමාත්‍යාංශය දිනා ගත් අතර, අනුශුරතාවය ගොලායත් හෝල්ඩින්ග් ආයතනය දිනා ගත්තා.

තරගාවලියේ විශිෂ්ඨතම පිතිකරුවා වූයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්ත වන අතර හොඳම පන්දු යවන්නා ලෙස ගොලායත් හෝල්ඩින්ග් ආයතනයේ ගමික කෝරාළ සම්මාන දිනා ගත්තා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

 

 

 

 

Whoops, looks like something went wrong.