Friday, April 19, 2024

General line - 0115112241

දහ දෙනෙක් සමග ගිය කැබ් රථය පෙරළී දැරියක් මරුට




සීගිරිය නැරඹීම සදහා පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි කැබ් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි සිටි පාසල් දැරියක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (12) උදැසන සිදුවූ මෙම අනතුරෙන් තවත් ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

අනතුර සිදුව ඇත්තේ දඹුල්ල, තෙන්නකෝන් මාවත ප‍්‍රදේශයේදීයි.

රියදුරුට වේගය පාලනය කරගත නොහැකිවීමෙන් කැබ් රථය මාර්ගයෙන් ඉවතට ගමන් කර ගසක වැදීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ පුද්ගලයන් දස දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි විමර්ශනවලදි අනාවරණ වුණේ.

11 12 13 14 15