Thursday, April 25, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ දෙන්නෙක් රත්නපුරේදී බැණ ගනී




ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත‍්‍රික්කයේ දේශපාලනඥයන් දෙදෙනෙකු අතර මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

දේශපාලන ආරංචි පැවසුවේ මෙම මතගැටුමට සම්බන්ධ එක් දේශපාලනඥයෙකු අනෙක් දේශපාලනඥයාට ඉකුත්දා දුරකතනය ඔස්සේ බැණ වැදීමක් ද කර ඇති බවයි. මහින්ද රාජපක්‍ෂ මහතා 2004 වසරේදී අගමැති ධුරයට නම් කිරීමේදී මතු වූ අදහසක් සහ 2016 වසරේ අයවැය ඡන්ද විමසීමේදී සිදුවූ කරුණු මූලික කර ගනිමින් බැණ වැදීම සිදුවී ඇතැයි ද දේශපාලන ආරංචි කියා සිටියා.

මතගැටුමට සම්බන්ධ එක් දේශපාලඥයෙකු කලක් යහපාලන ආණ්ඩුවටද සම්බන්ධ වී සිටි අයෙක්. ඉකුත් දා රත්නපුරයේ පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ ජනරැළිය ද මෙම දේශපාලනඥයාගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණා.

මතගැටුමට සම්බන්ධ වී සිටින අනෙක් දේශපාලනඥයා රත්නපුරයේ පැවති ජනරැළියට සහභාගි වී නැහැ. කෙසේවෙතත් රැළියේ පූර්ව සූදානම් කිරීමේ කටයුතුවලට එම දේශපාලනඥයා සිය දායකත්වය ලබාදී තිබෙනවා.